RPL

National Vocational Qualification Framework (NVQF) has been established in Sri Lanka. According to the Qualification Framework ECCD Teachers can Obtain National Vocational Qualification (NVQ).  NVQ (Early Childhood Education) Level 4  is concerned as a professional qualification to work as a ECCD teacher in the global society. It is a internationally recognized qualification.

NVQ level 4 Qualification can obtain in two ways.

01. Competency Based Training – Following ECCD course at the accredited center. See Example South Asian International Institute of Higher Education

02. Recognized Prior Knowledge (RPL)
If ECCD Techer’s age is 23 years or above and if she has more than 4 yeas experience in teaching at the ECCD Center She can apply assessment process through RPL category. 

SAIA4ECCD, as a voluntary service provides all guidance and subject knowledge to obtain NVQ level 4 through RPL to Sri Lankan ECCD Teachers. Here guidance to them in their mother language. 

වසර 5 ක සේවා පළපුරැද්දක් ඇති සෑම පෙර පාසල් ගුරුවරියකටම RPL හරහා  NVQ 4 වන මට්ටම  ලබාගැනිමට නොමිලේ මගපෙන්වීම

මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබද උනන්දුව දක්වන අයට ඒ් සදහා විධිමත් වෘත්තීය පුහුණුවක් ලබාගෙන වෘත්තීය සුදුසුකම් ලගා කර ගත හැක. මුල් ළමාවිය සම්බන්ධව විවිධ සහතික පත් හා ඩිප්ලෝමා තිබුන ද දේශීය ව හා අන්තර්ජාතිකව ඉහළම පිළිගැනීමක් ඇති සහතිකය වන්නේ මුල් ළමාවිය සංවර්ධනය සම්බන්ධව ලබාගන්නා NVQ 4 වන මට්ටම සහතිකය යි. ඒම සහතිය ලෝකයේ ඔ්නෑම රටක මුල් ළමාවිය සංවර්ධන ගුරුවරියක් ලෙස සේවය කිරීමට වෘත්තීය සුදුසුකම්කි.

NVQ 4 වන මට්ටම ලබාගත හැකි ක්‍රමවේද දෙකකි. 

  1. Competency Based Training (CBT) – තීතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෘත්තීය පුහුණු ආයතනයක ප්‍රනීතනය කරන ලද මුල් ළමාවිය පිළිබද පාඨමාලාවක් හදාරා ඒම ආයතනය හරහා NVQ ඇගයීම් ක්‍රියාවලියට ඉදිරිපත්ව NVQ 4 වන මට්ටම ලබාගත හැක. 
  2. Recognized Prior Knowledge (RPL) –  වසර 4 ක  විධිමත් සේවා කාලයක් සහිත හෝ වසර 4 කට වැඩි කාලයක් ලියාපදිංචිය සහිත තමාගේ පෙර පාසලක් හිමි වයස අවුරුදු 23 සම්පූර්ණ කළ මුල් ළමාවිය සංවර්ධන ගුරුවරියන්ට තම දැනුම පදනම් කරගෙන (RPL ක්‍රමය ඔස්සේ) NVQ ක්‍රියාවලියට ඉදිරිපත් විය හැක. 

RPL හරහා අයදුම් කර ඇගයීම් ක්‍රියාවලියට ඉදිරිපත් වන්නේ කෙසේද යන්න බොහෝ ගුරුවරු නොදනිති. එසේ අයදුම් කල ද අයදුම්පතේ හෝ සහතික පත්‍රවල අඩුපාඩු නිසා අයදුම්පත් ප්‍රතික්ෂේප වන අවස්ථා ද ඇත. අයදුම්කල ද ලිඛිත විභාග හා ප්‍රායෝගික පරීක්ෂණ සදහා අවශ්‍ය දැනුම ගුරැවරියන්ට අල්පය. ප්‍රායොගික පරීක්ෂනයට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබදව ද බොහෝ දෙනා නොදනි. 
SAIA4ECCD සංවිධානය ලබා චේතනාවෙන් තොරව මුල් ළමාවිය සංවර්ධන කේෂ්ත්‍රයේ ගුණාත්මක සංවර්ධනය සදහා කටයුතු කරන ස්වේච්ජා සංවිධනයකි. දකුණු අසායිවේ සියළු රටවල මුල් ළමාවිය සංවර්ධන කේෂ්ත්‍රයේ නිරතවන සියළු වෘත්තිකයන් ගුණාත්මක සංවර්ධනය තුළින් තිරසාර සංවර්ධන ඉලක්ක 4ග2 ළගාකර ගැනීම සදහා ශ්‍රී ලංකාව මුල් වී පිහිටවන ලද අන්තර්ජාතික සංවිධානයකි.  
 SAIA4ECCD ආයතනය RPL හරහා NVQ ලබාගැනීමට අපේක්ෂා කරන  සාමජික සාමාජිකාවන්ට එම සංගමය හරහා අයදුම්කිරීමට පහසුකම් සලසා ඇත. ඒ සදහා කිසිදු ගාස්තුවක් අය නොකරයි. සාමාජික ගුරැවරියන්ගේ ගුණාත්මක සංවර්ධනය සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. මේ යටතේ පහත පහසුකම් සලසා ගත හැක.

  • අයදුම්පත හා සේවා සහතික ප්‍රතික්ෂේප නොවන පරිදි ලේඛනවල අඩුපාඩු තිබේනම් එවා නිවරදි කර ගැනීමට මගපෙන්වීම ලබාගත හැක. 
  • ලිඛිත විභාගය සමත්වීම සදහා අවශ්‍ය මගපෙන්වීම හා දේශණ නොමිලේ ලබා දෙයි.
  • ප්‍රායෝගික පරීක්ෂණය සමත්වීම සදහා අවශ්‍ය මගපෙන්වීම හා පෙර පුහුණුවීම් සදහා මගපෙන්වීම නොමිලේ ලබාදෙයි.
  1.   saia4eccd හි මගපෙන්වීම් සහිතව RPL ක්‍රමයට NVQ අයදුම්කිරීමට බලාපොරොත්තුවන මුල් ළමාවිය සංවර්ධන ගුරැවරියන් පළමුව saia4eccd හි සාමාජිකත්වය මෙම අකුරැ මත කර නොමිලේ ලබා ගන්න.
  2. saia4eccd හි සාමාජිකයින් මෙම අකුරු මත click කර  RPL ක්‍රමයට NVQ ලබාගැනීමට අවශ්‍ය මගපෙන්වීම් ලබාගැනීමට ඉල්ලුම් කරන්න. එවිට RPL හරහා NVQ ලබාගැනීමට අවශ්‍ය මගපෙන්වීම saia4eccd නොමිලේ ඔබට ලබාදෙනු ඇත. වැඩි විස්තර හා අයදුම්පත් ඔබගේ විද්‍යුත් ලිපිනයට යොමු කරනු ඇත. 

………………………………………………………………………………………………………..

මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබද ගුරු පුහුණු ආයතනයක වන SAIIHE ආයතනය ප්‍රජා සත්කාර්යයක් ලෙස 2020 වසරේදී බස්නාහිර පළාතේ පෙර පාසල් ගුරැවරීයන් 2000 කට නොමිලේ RPL හරහා NVQ ලබාගැනීම සදහා අවශ්‍ය න්‍යයාත්මක දැනුම දේශණ මාලාවක් ඔස්සේ නොමිලේ ලබා දුන්නේය.  ඒම දේශන සියල්ල saiihe YouTube channel හි තැන්පත් කර ඇත. මෙම අකුරු මත කර හි අඩංගු සියලු දේශණ නැරඹිය හැකි ය.

මේ වන විට මුල් ළමාවිය සංවර්ධනය පිළිබදව අදාල වන NCS & Curriculum යාවත් කාලීන වී ඇත. ඒ අනුව 2022 සිට RPL හරහා NVQ  4 වන මට්ටම ලබාගැනීමට ලබාපොරොත්තු වන සියළුම මුල් ළමාවිය සංවර්ධන ගුරැවරියන් නව  NCS & Curriculum අනුව සුදානම්ක විය යුතු ය.

RPL හරහා ලබාගැනීමට බලාපොරොත්තු වන ගුරැවරියන්ට කරන ජාතික මෙහෙවරක් ලෙස සලකා දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනය NVQ 4 වන මට්ටමට අදාලව නව NCS & Curriculum අනුව පවත්වන සියළු දේශණ නොමිලේ පරිශීලනය කිරීමට අවස්ථාව සලසා දී ඇත. ඒ සදහා මෙම අකුරැ මත කරන්න.  

ජංගම දුරකථන පහසුකම් සපයන ආයතනයකින් මාසයකට රැ 250 වැනි මුදලකට YouTube Package එකක් සක්‍රීය කර ගැනීමෙන් මාසය පුරා ඔබට අවශ්‍ය තරම් ඒම දේශණ අඩංගු විඩියෝ නැරඹිය හැක.

ගුරුවරියන්ගේ ඉල්ලීම මත මුල් ළමාවිය සංවර්ධනය NVQ 4 වන මට්ටමට අදාල  NCS & Curriculum සියළු විෂය කරුණූ අන්තර්ගත කළ පොත් 03 ක් මුදණය කර දෙන ලදි. ඒම පොත් වනුයේ

i. මුල් ළමාවිය සංවර්වර්ධනය සදහා නව මං පෙත්

ii. මනෝවිද්‍යාව හා ජීවිතය

iii. මුල් ළමාවිය සංවර්ධනය සදහා ඉගෙනුම් ක්‍රමවේද

යන පොත් ය. ඒම පොත් වල ඇති කරැණු හොදින් කියවන්න. අවශ්‍ය වැදගත් තැන් Highlight කර ගන්න. විඩියෝවල ඇති සියලු විෂ්‍ය කරැණු එම පොත්වලට ගොණූ කර ඇත. 

(ඒම පොත් 03 ඔබට සහන මිලට මිලදී ගැනීමට අවශ්‍ය නම් මෙම අකුරැ මත Click කර අවශ්‍ය විස්තර ලබාගන්න.)

NVQ 4 වන මට්ටමට අදාල ලිඛිත පරීක්ෂණය සමත්වීමට අවශ්‍ය සම්පුර්ණ දැනුම එම පොත් 3 මගින් හා විඩියෝ දේශණ මාලාව තුළින් RPL හරහා ඉදිරිපත් වන ඔබට ලබාගත හැක. 

වෙනත් සංවිධාන ද RPL හරහා NVQ 4 වන මට්ටම ලබාගැනීම සදහා නොමිලේ මගපෙන්වීම් සිදුකරයි නම් එම විස්තර මෙහි පළකිරීීම සදහා saia4eccd@gmail.com විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.

ජාතික වෘත්තීය සුදුසුකම් NVQ (ECCD Teacher) 4 වන මට්ටමට නව විෂයමාලාවට අදාලව දකුණූ ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනය පවත්වන Diploma in ECCD පාඨමාලාවේ දේශන සියල්ල නොමිලේ  අන්තර්ජාලය හරහා විකාශණ්ය කිරීමට ආයතනය තීරණ්ය කර ඇත. රට පත්ව ඇති අර්බුධකාරී අවස්ථාවේ දැඩි ආර්ථික පිඩනයකට පත්ව සිටින මුල් ළමාවිය සංවර්ධන ගුරැවරියන්ට  RPL හරහා NVQ හතරවන මට්ටම ලබාගැනීම සදහා අවශ්‍ය වන න්‍යායාත්මක දැනුම කිසිදු වියදමකින් තොරව ලබාගැනීමට අවස්ථාවක් සලසා දෙමිනි.